කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පිහිටි ලොව ප්‍රකට ‘හොස්පිට්ල් ෆෝ සික් චිල්ඩ්රන්’ (SickKids) රෝහලේ සේවය කළ 44 හැවිරිදි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයෙකු ටොරොන්ටෝ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ළමා ලිංගික අපයෝජන සහ සූරාකෑම් අන්තර්ගත ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ අන්තර්ජාලය හරහා ඒවාට ප්‍රවේශ වීම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. ටොරොන්ටෝ පොලීසියේ අන්තර්ජාල ළමා සූරාකෑම් විමර්ශන ඒකකය විසින් 2026 ජනවාරි මාසයේදී ආරම්භ කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් පරීක්ෂණවලදී සැකකරුගේ නිවස සහ ඔහු සේවය කළ රෝහලේ පරිගණක ඇතුළු විද්‍යුත් උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ. මේ වන තෙක් සිදු කළ පරීක්ෂණවලදී, මෙම චෝදනා ඔහුගේ වෘත්තීය කටයුතු හෝ රෝගීන්ට ලබාදුන් ප්‍රතිකාර සමඟ සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් හමු වී නොමැති බව බලධාරීන් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කම්පනයට පත්ව සිටින බව පවසන රෝහල් පාලනාධිකාරිය, පොලිස් විමර්ශනය පිළිබඳ තොරතුරු ලැබුණු වහාම අදාළ වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව නිවේදනය කර ඇත. සැකකරු ඉදිරියේදී ඔන්ටේරියෝ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර