පසුගිය ජූලි මස මුලදී ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නිල වශයෙන් ‘ඉහළ-මධ්‍යම ආදායම් ලබන රටක්’ (UMIC) ලෙස නැවත වර්ගීකරණය කරන ලදී. 2025 වසරේ වාර්තා වූ 5.0%ක දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,670ක් දක්වා ඉහළ යාම මෙම ශ්‍රේණිගත කිරීමට පාදක වී තිබේ.
කෙසේ වෙතත්, ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම දත්ත පිටුපස පවතින සැබෑ තත්ත්වය ගැඹුරින් විමසා බැලිය යුතු බවයි. 2019 වසරේද ශ්‍රී ලංකාව මෙවැනිම තත්ත්වයකට පත් වුවද, වසරක් ඇතුළත නැවතත් පහළ-මධ්‍යම ආදායම් කාණ්ඩයට වැටීම අතීත අත්දැකීමකි. එබැවින් මෙය සැබෑ ව්‍යුහාත්මක පරිවර්තනයක ප්‍රතිඵලයක්ද නැතහොත් තාවකාලික ගණිතමය සාධක මත පදනම් වූවක්ද යන්න විමසිය යුතුය.
පවතින දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, රටේ ජනගහනය සංකෝචනය වීම සහ විදේශ ණය පොලී ගෙවීම් තාවකාලිකව අත්හිටුවා තිබීම වැනි සාධක ඒක පුද්ගල ආදායම් අගය ඉහළ යාමට බලපා ඇති බවයි. මෙය නිෂ්පාදන ක්ෂේත්රයේ සැබෑ වර්ධනයක් නිසා සිදු වූවක් නොවන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.
තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා වියට්නාමය වැනි රටවල් අනුගමනය කළ ආදර්ශයන්ගෙන් පාඩම් උගත යුතු බව ද පෙන්වා දෙයි. අපනයන වෙළෙඳපොළ සාම්පොළ සාම්ප්‍රදායික ක්ෂේත්රවලින් ඔබ්බට ගොස්, ඉහළ වටිනාකමක් සහිත ගෝලීය සැපයුම් දාමයන් වෙත සම්බන්ධ වීම අනිවාර්ය වේ.
රජය විසින් ක්‍රියාත්මක කරන ලද දැඩි බදු ප්‍රතිපත්ති මගින් රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති වුවද, එමගින් පෞද්ගලික අංශයේ නවෝත්පාදන ශක්තිය මර්දනය වීමේ අවදානමක් පවතී. එමනිසා, මූල්‍ය විනය තහවුරු කරන අතරම ආර්ථිකය පුළුල් කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම අනාගත අභියෝගය වී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර