ඇමෙරිකාව සහ ඉරානය අතර නැවත ආරම්භ වී ඇති යුද ගැටුම් හේතුවෙන් ලෝක ආර්ථිකය යළිත් වරක් දැඩි අවිනිශ්චිතතාවකට මුහුණ දී තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන ඉන්ධන ප්‍රවාහන කටයුතු ඇනහිටීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් ඇත.
ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම යුද තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් ඉන්ධන බැරලයක මිල ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවයි. ගල්ෆ් කලාපයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් ගුවන් ගමන් සහ සංචාරක ව්‍යාපාරයට ද බරපතළ තර්ජන එල්ල වී තිබේ.
මීට අමතරව රුසියාවේ ඉන්ධන නිෂ්පාදනාගාර ඉලක්ක කර එල්ල වන ප්‍රහාර සහ එරට අපනයන සීමා කිරීම් නිසා යුරෝපා රටවලට ද ඉන්ධන අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇත. මීට පෙර පැවති ඉන්ධන හිඟය පියවා ගැනීමට රටවල් සතු සංචිත මුදා හැරිය ද, මේ වන විට එම සංචිත ද අවසන් වෙමින් පැවතීම ගැටලුවේ බරපතළකම තවත් වැඩි කර තිබේ.
ඉරානය සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට පැමිණීමට ඇමෙරිකාව දරන උත්සාහයන් මෙතෙක් සාර්ථක වී නොමැත. ඉරානය පවසන්නේ ඇමෙරිකාව යුද්ධය නතර කරන තුරු සාකච්ඡා සඳහා එකඟ නොවන බවයි. මෙම තත්ත්වය හමුවේ ලෝක ආර්ථිකය තුළ දරුණු පසුබෑමක් සිදුවිය හැකි බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
ශ්‍රී ලංකාව වැනි රටවලට ද මෙම අර්බුදයේ බලපෑම සෘජුවම දැනෙමින් පවතී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත ඉන්ධන මිල පිරිවැය ආවරණය වන පරිදි පවත්වා ගැනීමට සිදුවීම නිසා, ඉදිරියේදී ද ඉන්ධන මිල පහළ දැමීම අභියෝගාත්මක වනු ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර