“විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සතුට පවුල” යන තේමාව යටතේ මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අද (14) ආරම්භ විය. මෙම වැඩසටහන ජූලි 20 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, දරුවන්ගේ ශාරීරික, මනෝ-සමාජීය සහ බුද්ධිමය සංවර්ධනය ඉහළ නැංවීම මෙම ජාතික සතියේ මූලික අරමුණ බවයි. නිරෝගී සහ බුද්ධිමත් දරු පරපුරක් රටට දායාද කිරීම සඳහා දෙමාපියන්ගේ සහ සමාජයේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බව ඇය අවධාරණය කළාය.
මෙම සතිය තුළ දිවයින පුරා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම සහ ගුණාත්මක සේවාවන් ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙහිදී සිදුවේ.
“ඔබේ දරුවා වෙනුවෙන් ඔබ අවදි වන්න” යන තේමාව ඔස්සේ දෙමාපියන් තම දරුවන්ගේ අනාගතය සහ සංවර්ධනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය. දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සමස්ත සමාජයේම වගකීම ඉටුකිරීමට මෙම වැඩසටහන මගින් ආරාධනා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර