මඩකලපුව දිස්ත්‍රික්කයේ කළුවාන්චිකුඩි ප්‍රදේශයට වසර 35කට පසුව පළමු ශ්‍රේණියේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක් හිමිව තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරිණි.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 29.5ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත. මෙතෙක් කුලී පදනම මත පවත්වාගෙන ගිය තැපැල් කාර්යාලය ස්ථිර ගොඩනැගිල්ලකට මාරු කිරීමත් සමඟ ප්‍රදේශවාසීන්ට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක තැපැල් සහ මූල්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගැනීමේ අවස්ථාව උදාවී තිබේ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මුල්ගල තැබූ මෙම ගොඩනැගිල්ල වසරක් ගතවීමටත් පෙර ඉදිකර අවසන් කිරීම රජයේ කාර්යක්ෂම පරිපාලනයට කදිම නිදසුනක් බවයි. වත්මන් රජය යටතේ ඉදිකරනු ලැබූ 6 වන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල මෙය වේ.
කළුවාන්චිකුඩි තැපැල් කාර්යාලය මගින් පවුල් 9,671කට සෘජුවම සේවා සපයනු ලබන අතර, ඒ යටතේ උප තැපැල් කාර්යාල 7ක් ක්‍රියාත්මක වේ. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ජනතාවට වඩාත් සමීප රාජ්‍ය සේවාවක් ලබාදීම රජයේ ප්‍රධාන අරමුණ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර