රජයේ ආයතනවල සේවා සැපයීමේ ගුණාත්මකභාවය සහ ආයතනික විනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ජූලි 27 වන දින සිට 31 වන දින දක්වා ‘සුපිළිපන් සතිය’ ලෙස නම් කර තිබේ.
මෙම වැඩසටහනට සමගාමීව රජයේ සියලුම ආයතනවල සමාජ මාධ්‍ය ජාලා සක්‍රීයව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන විශේෂිත අන්තර්ගතයන් (Content Kit) මේ වන විට සකස් කර ඇත.
ඒ අනුව, අදාළ ආයතනවල සමාජ මාධ්‍ය පිටු සඳහා අවශ්‍ය ආවරණ ඡායාරූප (Cover Images) සහ ප්රචාරක පෝස්ට් ඇතුළත් කට්ටලයක් මාධ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇත. ජූලි 27 වන දින උදෑසන 8.30 ට පැවැත්වෙන ප්‍රතිඥා දීමේ උත්සවයට පෙර අදාළ සමාජ මාධ්‍ය සටහන් පළ කරන ලෙස ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
මෙම වැඩසටහන හරහා රාජ්‍ය සේවය තුළ විනිවිදභාවය සහ ජනතාවාදී සේවාවක් තහවුරු කිරීම අපේක්ෂා කෙරේ. ඉදිරි දිනවලට අදාළ අතිරේක තොරතුරු සහ වීඩියෝ දර්ශන ද අදාළ ආයතන වෙත ලබා දීමට නියමිත බව වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර