බෞද්ධ සිද්ධස්ථාන, පුරාවිද්‍යාත්මක උරුමයන් සහ විහාර දේපළ නීත්‍යනුකූලව මෙන්ම ප්‍රායෝගිකව ආරක්ෂා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමින් මහා සංඝරත්නය විසින් විශේෂ සංඝ ප්‍රතිඥාවක් සම්මත කරගෙන ඇත. කොළඹ කොටුව ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති සඟ සමුළුවකදී මෙම ප්‍රතිඥාව ඉදිරිපත් කෙරිණි.
ශාසනාරක්ෂක සංඝ සභාව මගින් සංවිධානය කළ මෙම සමුළුව සඳහා දිවයිනේ නන් දෙසින් මහා සංඝරත්නය වැඩම කර සිටියහ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ ජාතික උරුමය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව උන්වහන්සේලා අවධාරණය කළහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මගින් බුද්ධාගමට හිමිව ඇති ප්‍රමුඛස්ථානය සුරක්ෂිත කරමින්, ශාසනික ආයතනවලට සිදුවන අසාධාරණකම් සහ නීතිවිරෝධී මැදිහත්වීම් පිළිබඳ පක්ෂග්රාහී නොවූ විමර්ශන සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටිති. මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියන් සඳහන් කළේ, මෙම ක්‍රියාමාර්ගය ආණ්ඩුව පෙරළීමේ අරමුණින් නොව බුදු සසුන සුරක්ෂිත කිරීමේ අරමුණින් සිදුකරන බවයි.
සම්බුද්ධ ශාසනය පක්ෂ දේශපාලන හෝ පුද්ගල බල අරගලවල උපකරණයක් බවට පත් වීමට ඉඩ නොදෙන බවත්, සියලු ආගම්වලට ගරු කරමින් බෞද්ධ දර්ශනය සමාජය තුළ ශක්තිමත් කිරීමට කැපවන බවත් සංඝ ප්රතිඥාවේ වැඩිදුරටත් දැක්වේ. විබෞද්ධකරණයට මග පාදන ඕනෑම ක්‍රියාමාර්ගයකට එරෙහිව සාමකාමීව හා ප්‍රජාතන්ත්‍රවාදීව නැගී සිටින බවද මහා සංඝරත්නය මෙහිදී ප්‍රතිඥා දුන්හ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර