ජාතික සුපිළිපන් සතියට සමගාමීව, වෙළඳපොළේ පවතින පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අද (28) දිනයේ ක්‍රියාත්මක කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.
මෙම වැඩසටහන පිටකොටුව පොදු වෙළඳපොළ කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීමට නියමිතය. වෙළඳපොළේ අලෙවි වන ආහාර ද්‍රව්‍ය, විදුලි උපකරණ සහ සෙල්ලම් බඩු ඇතුළු පාරිභෝගික භාණ්ඩ නියමිත ප්‍රමිතීන්ට අනුකූලද යන්න මෙහිදී පරීක්ෂාවට ලක් කෙරේ.
විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍යවල මිනිස් සිරුරට අහිතකර විෂ ද්‍රව්‍ය අඩංගු වී තිබේද යන්න සොයා බැලීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කළේය.
මෙම පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLS) සහ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් එක්වීමට නියමිතය. භාණ්ඩවල තත්ත්වය පිළිබඳව පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමටත්, ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින්ට නිසි ප්රමිතීන් පිළිබඳ උපදෙස් ලබා දීමටත් මෙහිදී අපේක්ෂා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර