රාජ්‍ය සේවය වඩාත් සදාචාරාත්මක, කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුත් ක්ෂේත්රයක් බවට පත් කිරීමේ අරමුණින් ‘අඛණ්ඩතා සංස්කෘතියක් – පිරිසිදු ශ්‍රී ලංකාවක්’ මැයෙන් ජාතික අඛණ්ඩතා සතිය 2026 ජූලි 27 දින ආරම්භ විය. අරලියගහ මන්දිරයේදී පැවති සමාරම්භක වැඩමුළුව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
මෙම වැඩසටහන ජූලි 31 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය. මෙය හුදෙක් සතියකට සීමා වූ වැඩසටහනක් නොව, රාජ්‍ය පරිපාලන ක්ෂේත්රයේ දිගුකාලීන තිරසාර වෙනසක් ඇති කිරීම අරමුණු කරගත් ආරම්භයක් බව බලධාරීහු පෙන්වා දෙති.
උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සඳහන් කළේ, යහපාලනය පිළිබඳ පවතින ආකල්ප යළි සිතා බැලීමට මෙය කදිම අවස්ථාවක් බවයි. මීට අමතරව, ගෝලීය දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 14කින් ඉදිරියට පැමිණ ඇති බවද ඒ මහතා සිහිපත් කළේය.
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) හිටපු අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය විසින් මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අංශ ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර