බ්‍රිතාන්‍යයේ ටෙස්කෝ (Tesco), අස්ඩා (Asda) සහ නෙක්ස්ට් (Next) වැනි ප්රමුඛ පෙළේ භාණ්ඩ වෙළෙඳ සමාගම් රැසක් මේ වන විට සිය ගබඩා කටයුතු සඳහා චීන සමාගමක් වන ‘Geek+’ හි තාක්ෂණය යොදා ගැනීමට පටන් ගෙන ඇත. මෙම රොබෝවරුන් මගින් භාණ්ඩ ගබඩා රාක්ක ස්වයංක්‍රීයව හසුරුවමින්, සේවකයන් වෙත රැගෙන ඒමේ ක්‍රියාවලිය ඉතා වේගවත් කර ඇත.
මෙම තාක්ෂණය භාවිත කිරීම මගින් භාණ්ඩ තෝරාගැනීමේ වේගය වැඩි කිරීමටත්, ගබඩා අවකාශය වඩාත් උපයෝගී කර ගැනීමටත්, මෙහෙයුම් දෝෂ අවම කර ගැනීමටත් හැකියාව ලැබෙන බව අදාළ සමාගම පවසයි. දැනටමත් බ්‍රිතාන්‍යයේ ගබඩා අඩවි 10ක රොබෝවරුන් 2,000කට අධික ප්‍රමාණයක් සේවයේ යොදවා තිබේ.
පසුගිය වසර දහයක කාලය තුළ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදන ඵලදායිතාව මන්දගාමී මට්ටමක පැවතීම හේතුවෙන්, ව්‍යාපාරික අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙවැනි ස්වයංක්‍රීයකරණයන් අත්‍යවශ්‍ය බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම එරට පවතින දැඩි ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස මෙම රොබෝ තාක්ෂණය ඉවහල් වී ඇත.
කෙසේ වෙතත්, කම්කරු සංගම් පෙන්වා දෙන්නේ රොබෝ තාක්ෂණය හුදෙක් රැකියා කප්පාදු කිරීම සඳහා පමණක් නොව, සේවකයන්ගේ වෘත්තීය මට්ටම සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා යොදාගත යුතු බවයි. චීනය ද තම රටේ වැඩ කරන වයසේ ජනගහනය අඩුවීම හමුවේ ඵලදායිතාව පවත්වා ගැනීමට රොබෝ තාක්ෂණය උපායමාර්ගික ප්‍රමුඛතාවක් ලෙස සලකයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර