හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති නඩුවක තම නම සඳහන් වන බවට පළවන වාර්තා නිළි රිතු ආකර්ෂා තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ඇය සිය නිල ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මෙම වාර්තා අසත්‍ය සහ තම කීර්තිනාමයට හානි පමුණුවන සුළු ඒවා බවයි.
අදාළ නඩුවේ සඳහන් DFCC බැංකු ගිණුමකට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එම බැංකුවේ කිසිදු ගිණුමක් තමන් පවත්වාගෙන නොගිය බවත් ඇය අවධාරණය කරයි. මේ බව තහවුරු කිරීම සඳහා අදාළ බැංකුව විසින් නිකුත් කළ ලිපියක් ද ඇය මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබේ.
තවද, නඩු ගොනුවේ සඳහන් කාලසීමාව තුළ (2010-2012) තමන් පාසල් ශිෂ්‍යාවකව සිටි බව පෙන්වා දෙන රිතු ආකර්ෂා, මෙවැනි චෝදනා සමඟ තමන්ට කිසිදු සබඳතාවක් නොමැති බව වැඩිදුරටත් පවසා ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර