ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ මේ වන විට විසඳා ගැනීමට නොහැකිව ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව මිලියන 1.1ක් දක්වා ඉහළ ගොස් ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ දත්ත මගින් තහවුරු වී තිබේ. මෙම තත්ත්වය හමුවේ අධිකරණ කටයුතු කඩිනම් කිරීමේ අත්‍යවශ්‍යතාවය පෙන්වා දෙමින් සමගි ජන බලවේගය විසින් විශේෂ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ අත්සනින් යුතුව මෙම යෝජනාව සකස් කර තිබේ. අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය පියවර සහ විසඳුම් සෙවීම මෙම කාරක සභාවේ මූලික අරමුණයි.
අදාළ යෝජනාව විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අද දින පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තු මට්ටමින් මැදිහත්වීමක් අවශ්‍ය බව විපක්ෂය මෙහිදී අවධාරණය කර සිටියි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර