ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් 2026 වසරේ තෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කර තිබේ.
ජාතික පද්ධති මෙහෙයුම් සමාගම විසින් ඉදිරිපත් කළ විදුලි සැපයුම් පිරිවැය පිළිබඳ වාර්තාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව, දෙවන කාර්තුවේදී ක්‍රියාත්මක වූ විදුලි ගාස්තු ක්රමයම තෙවන කාර්තුවේදීත් බලාත්මක වනු ඇත.
පවතින දත්තවලට අනුව, තෙවන කාර්තුවේදී විදුලිය සැපයීමේ පිරිවැය ඉහළ යෑම සියයට 0.3ක අගයකින්, එනම් රුපියල් මිලියන 417කින් පමණක් සීමා වී ඇති බව ඇස්තමේන්තු කර තිබේ.
මීට අමතරව, 2026 වසරේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 30,118ක ආදායම් හිඟයක් වාර්තා වී ඇති බව කොමිෂන් සභාව පෙන්වා දෙයි. ගල් අඟුරු සැපයුමේ ගැටලු හේතුවෙන් විදුලි උත්පාදනය සඳහා වැය වූ අතිරේක පිරිවැය මෙම හිඟයට ඇතුළත් වුවද, එම පිරිවැය පාරිභෝගික විදුලි ගාස්තු වෙත පැටවීමට මීට පෙර ගත් තීරණය අනුව කටයුතු නොකිරීමට කොමිෂන් සභාව පියවර ගෙන ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර