පවතින එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ ලෝකයේ ආහාර සුරක්ෂිතතාවයට දැඩි බලපෑම් එල්ල විය හැකි බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පෙන්වා දෙයි. මෙම කාලගුණික විපර්යාසය 2026 වසරේ සැප්තැම්බර් සහ දෙසැම්බර් අතර කාලයේදී උච්චතම අවස්ථාවට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, එහි අහිතකර බලපෑම් 2027 වසර පුරාම ලෝකයේ විවිධ කලාපවලට දැනෙනු ඇති බව විශේෂඥයන්ගේ මතයයි. විශේෂයෙන්ම නියඟය, ගංවතුර සහ අධික උෂ්ණත්වය වැනි දේශගුණික කම්පන හේතුවෙන් දැනටමත් අවදානමට ලක්ව සිටින ජනතාවගේ ජීවනෝපායන් තවදුරටත් අර්බුදයට ලක්වනු ඇත.
ලෝක ආහාර වැඩසටහනේ විශ්ලේෂණයන්ට අනුව, මෙම තත්ත්වය නිසා උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 225 සිට මිලියන 274 දක්වා ආසන්න වශයෙන් 22%ක වැඩිවීමක් පෙන්නුම් කරනු ඇත. මධ්‍යම ඇමරිකාව, දකුණු අප්‍රිකාව සහ ආසියානු කලාපයේ රටවල් කිහිපයක් කෙරෙහි මෙහි බලපෑම දැඩි වනු ඇතැයි ගණන් බලා ඇත.
මෙම අභියෝගයට මුහුණ දීම සඳහා ලෝක ආහාර වැඩසටහන මේ වන විටත් රටවල් කිහිපයක පූර්ව ක්‍රියාකාරී සැලසුම් දියත් කර තිබේ. හදිසි ආපදා තත්ත්වයන්ට පෙර ජනතාව සූදානම් කිරීම සහ මානුෂීය අවශ්‍යතා අවම කිරීම මෙම වැඩසටහන්වල මූලික අරමුණ වී ඇත.
මීට පෙර 2015-2016 වසරවල පැවති එල් නිනෝ තත්ත්වය හේතුවෙන් මිලියන 60ත් 100ත් අතර ජනතාවක් ආහාර සුරක්ෂිතතාව අතින් පීඩාවට පත්විය. එම අත්දැකීම් ද සැලකිල්ලට ගනිමින්, මෙවර ඇතිවිය හැකි බලපෑම අවම කර ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව කඩිනමින් පියවර ගත යුතු බව බලධාරීන් අවධාරණය කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර