ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික කිරි ගොවීන්ගේ ධාරිතා වර්ධන පුහුණු වැඩසටහනේ දෙවන අදියර සඳහා තෝරාගත් කණ්ඩායම මෙම මස 16 වන දින ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. දිවයිනේ ප්‍රදේශ රැසක් නියෝජනය කරන කිරි ගොවීන් 19 දෙනෙකුගෙන් මෙම කණ්ඩායම සමන්විත වේ.
මෙම වැඩසටහනට අදාළව තේරීපත් වූ පිරිස පසුගියදා කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා හමුවිය. වසර 20කට පසුව නැවත ආරම්භ කෙරුණු මෙම වැඩසටහනේ පළමු කණ්ඩායම පසුගිය දෙසැම්බර් මාසයේදී පුහුණුව සඳහා යොමු කෙරිණි.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි ජාතික කිරි සංවර්ධන මණ්ඩලය මූලික කරගනිමින් මෙම පුහුණුව පැවැත්වේ. මෙහිදී ලොව කිරි නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන ‘අමුල්’ සමාගමේ නිෂ්පාදන හා පාලන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට ද ශ්‍රී ලාංකික ගොවීන්ට අවස්ථාව හිමිවනු ඇත.
නව තාක්ෂණය ඔස්සේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, ගොවිපළ යාන්ත්‍රීකරණය, සත්ත්ව සෞඛ්‍ය කළමනාකරණය සහ කිරි නිෂ්පාදනවල අගය දාම සංවර්ධනය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා ගැනීම මෙම පුහුණුවේ අරමුණයි. මෙම අත්දැකීම් උපයෝගී කරගනිමින් දේශීය කිරි කර්මාන්තය නංවාලීමට සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම ගොවීන් දායක වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර