තායිලන්තයේ බැංකොක් නුවර පාසලක සිදුවූ ඛේදජනක වෙඩි තැබීමේ සිද්ධියකින් පසු, එරට ගිනිඅවි භාවිතය සහ රැගෙන යාම සම්බන්ධ නීති රීති දැඩි කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
පසුගියදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ගුරුවරුන් ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ, පොදු ස්ථානවල ගිනිඅවි රැගෙන යාම සීමා කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් නව පියවර කිහිපයක් පිළිබඳව සාකච්ඡා වෙමින් පවතී.
මෙම සිද්ධියට සම්බන්ධ බවට අනාවරණය වී ඇත්තේ එම පාසලේම 14 හැවිරිදි සිසුවෙකි. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහු පාසලට පැමිණීමට පෙර තම නිවසේ සිටි සීයා සහ මිත්තනිය ද වෙඩි තබා ඝාතනය කර ඇති බවයි. වෙඩි තැබීමෙන් අනතුරුව අදාළ සිසුවා ද සියදිවි හානිකරගෙන තිබේ.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, අනාගතයේදී ගිනිඅවි භාවිතය සඳහා රාජ්‍ය ආරක්ෂක අංශ සාමාජිකයින්ට පමණක් අවසර ලබාදෙන අයුරින් නීති සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවයි. රට තුළ පවතින ගිනිඅවි පාලනය සම්බන්ධ නීතිවල පවතින ලිහිල් බව මෙම සිද්ධියත් සමඟ දැඩි විවේචනයට ලක්ව ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර