නාසා ආයතනය විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, එළඹෙන අගෝස්තු 12 වැනිදා යුරෝපීය රටවල් කිහිපයකට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වීමට නියමිතය. 1905 වසරෙන් පසු මෙම කලාපයට මෙවැනි පූර්ණ සූර්යග්‍රහණයක් දැකගත හැකි වන පළමු අවස්ථාව මෙය වේ.
මෙම විරල අභ්‍යවකාශ සංසිද්ධිය ස්පාඤ්ඤය, අයිස්ලන්තය, ග්‍රීන්ලන්තය, රුසියාව සහ පෘතුගාලයේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට දැකගත හැකි වනු ඇත. සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කිරීමේදී සූර්යයා සම්පූර්ණයෙන්ම වැසී යාමෙන් මෙම පූර්ණ සූර්යග්‍රහණය සිදුවේ.
පූර්ණ සූර්යග්‍රහණයක් පවතින අවස්ථාවන්හිදී දිවා කාලයේදී වුවද අහස සන්ධ්‍යා කාලයක මෙන් අඳුරු ස්වභාවයක් ගනු ලබයි. එමෙන්ම මෙවැනි අවස්ථාවලදී සතුන්ගේ හැසිරීම් රටාවන්හිද වෙනස්කම් සිදුවිය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මීට පෙර 2024 වසරේදී ඇමරිකාව සහ මෙක්සිකෝවටත්, 2021 වසරේදී ඇන්ටාක්ටිකාවටත්, 2019 වසරේදී චිලී රාජ්‍යයටත් මෙවැනි පූර්ණ සූර්යග්‍රහණ දර්ශනය විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර