මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා වූ කිලෝමීටර් 37ක මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 53%ක ප්‍රගතියක් අත්කරගෙන තිබේ. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරන්නේ, මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පසුගියදා ව්‍යාපෘති භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවයි.
මෙම ව්‍යාපෘතිය 2028 වසර වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ව්‍යාපෘති ඉංජිනේරුවන් පෙන්වා දෙයි. ඒ අනුව, ඉදිරි සැලසුම්වලට අනුව මෙම වසර අවසන් වන විට ඉදිකිරීම් 65% දක්වාත්, 2027 වසර අවසන් වන විට 95% දක්වාත් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
පසුගිය කාලසීමාවේදී අතරමග නතර වී තිබූ මෙම ව්‍යාපෘතිය, වත්මන් රජය විසින් දේශීය අරමුදල් උපයෝගී කරගනිමින් කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
මීට අමතරව, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධ කෙරෙන කඩවත පද්ධති අන්තර් හුවමාරුවේ (Kadawatha System Interchange) ඉදිකිරීම් කටයුතු ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර