පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ නඩු විභාගය කඩා වැටීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. චෝදනා 23,000ක් සහ සාක්ෂිකරුවන් 3,000ක් සහිත මෙම නඩුව අවසන් අදියරේ පවතින බැවින්, සාධාරණත්වය ඉටු කිරීම රජයේ ප්‍රමුඛතාවක් බව ඔහු පෙන්වා දුන්නේය.
රටේ පවතින නීති පද්ධතිය තුළ වෙනසක් සිදු කිරීම සඳහා තමන් ඕනෑම අවදානමක් ගැනීමට සූදානම් බවත්, ඒ වෙනුවෙන් තනතුරු අහිමි වුවද එය භාර ගැනීමට පසුබට නොවන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය කිසිදු විධායක බලයක් තමන් භාවිත නොකරන බවද ඔහු සහතික විය.
පොලිස් දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු ශක්තිමත් කිරීම සඳහා අලුතින් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය. නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ද අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඔහු සඳහන් කළේය.
අධිකරණ ක්ෂේත්රයේ සිදුකරන පත්වීම් සහ ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් පවතින විවේචනවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, අභියාචනාධිකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කිරීමේ අරමුණ නඩු කටයුතු කඩිනම් කිරීම බවයි. පළාත් මට්ටමින් අභියාචනාධිකරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට ද රජය අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර