රටක් ලෙස ඉදිරියට යන ගමනේදී නවීන තාක්ෂණය හා යටිතල පහසුකම් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා මානුෂීය ගුණාංග සහ ආධ්‍යාත්මික ශක්තිය අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
වතුරවිල වනවාස සංඝ මූලස්ථානාධිපති අතිපූජ්‍ය මහකන්දේ රතනපාල ස්වාමීන්වහන්සේ ශ්‍යාමෝපාලි වනවාස නිකායේ මහනායක ධූරයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. දශක හයකට අධික කාලයක් උන්වහන්සේ සිදු කළ ශාසනික මෙහෙවර අගය කළ අගමැතිනිය, වනවාසී භික්ෂූන් වහන්සේලාගේ ජීවන රටාව තුළින් විද්‍යමාන වන සංයමය සහ සරල බව වත්මන් සමාජයට කදිම ආදර්ශයක් බව පෙන්වා දුන්නාය.
රජය මේ වන විට ප්‍රවාහන, සෞඛ්‍ය සහ අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක් නවීකරණය කරමින් සිටින බවත්, එම වෙනස ජනතාවට වඩා යහපත් ජීවිතයක් උරුම කර දීම අරමුණු කරගත් එකක් බවත් ඇය පැවසුවාය. රටක් ගොඩනැගීමේ කාර්යය රජයකට පමණක් කළ නොහැකි බවත්, ගොඩනැගෙන නව පද්ධති සහ පහසුකම් වගකීමෙන් යුතුව ආරක්ෂා කර අනාගත පරපුරට දායාද කිරීම සියලු දෙනාගේ වගකීමක් බවද අගමැතිනිය අවධාරණය කළාය.
මෙම අවස්ථාව සඳහා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි අනුනායක ස්වාමීන්වහන්සේලා ප්රමුඛ මහා සංඝරත්නය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර