විදේශයන්හි සැඟවී සිටිමින් මෙරට පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාලයන් මෙහෙයවන අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමේ විශේෂ මෙහෙයුම් මාලාවක් පොලිසිය විසින් ආරම්භ කර ඇත. මෑතකදී මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ‘රත්මලානේ සයිමා’ ඇතුළු පාතාල සාමාජිකයන් තිදෙනෙකු පසුගියදා දිවයිනට රැගෙන ඒමට ආරක්ෂක අංශ සමත් විය.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව සිදුකළ මෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය භාරයේ පසුවෙයි. ඔවුන් සම්බන්ධයෙන් දින 90ක රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන පරිදි, විවිධ අපරාධවලට සම්බන්ධව රටින් පලාගොස් සිටින පාතාල සාමාජිකයන් 93 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇත. පසුගිය වසර තුනක කාලය තුළ පමණක් මෙවැනි අපරාධකරුවන් 73 දෙනෙකු මෙරටට රැගෙන ඒමට පොලිසිය සමත් වී තිබේ.
අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අමතරව, ඔවුන් නීති විරෝධී ලෙස උපයාගත් දේපළ රාජසන්තක කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වේ. ඒ අනුව, පසුගිය වසර කිහිපය තුළ රුපියල් මිලියන ගණනක වටිනාකමින් යුත් ඉඩම්, වාහන සහ අනෙකුත් වත්කම් රජය සතු කර ගැනීමට පියවර ගෙන ඇත.
මීට අමතරව, ඉන්දුනීසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලින් ද ප්‍රධාන පෙළේ පාතාල නායකයන් සහ අපරාධකරුවන් රැසක් මෑත කාලීනව මෙරටට රැගෙන ඒමට ආරක්ෂක අංශ සමත් විය. මෙම ක්‍රියාවලිය ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර