යාපනයේ ඓතිහාසික නල්ලූර් කන්දස්වාමි කෝවිලේ වාර්ෂික මහා මංගල්‍යය අද (17) පෙරවරුවේ පැවති කොඩි එසවීමේ චාරිත්‍රයෙන් ආරම්භ විය.
දින 25ක් පුරා පැවැත්වෙන මෙම මංගල්‍ය සමයේ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, රථවාහන පාලනය සහ කෝවිල් පරිශ්‍රය පිරිසිදුව පවත්වා ගැනීම සඳහා යාපනය මහ නගර සභාව විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
මංගල්‍යයට අදාළ සාම්ප්‍රදායික දැනුම්දීම යාපනය නගරාධිපති වී. මදිවදනි සහ නාගරික කොමසාරිස් ක්රිෂ්ණේන්ද්රන් වෙත කෝවිල් සම්ප්‍රදායට අනුව භාර දී ඇති බව සඳහන් වේ.
මංගල්‍යයේ ප්‍රධාන අංගයක් වන රථෝත්සවය සැප්තැම්බර් 9 වැනිදා පැවැත්වීමට නියමිත අතර තීර්ථෝත්සවය සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔවුන්ගේ ආරක්ෂාව සහ රථවාහන තදබදය පාලනය කිරීම සඳහා විශේෂ ආරක්ෂක සහ ගමනාගමන සැලසුම් ක්‍රියාත්මක කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර