ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දකුණු කොරියාව සහ ඇමරිකාව එක්ව වාර්ෂිකව පවත්වනු ලබන ‘Ulchi Freedom Shield’ ඒකාබද්ධ හමුදා අභ්‍යාසවල ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කරන ලෙස ආරක්ෂක ලේකම්වරයාට නියෝග කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ අභ්‍යාස ආරම්භ වීමට පැය කිහිපයකට පෙරය.
තම සමාජ මාධ්‍ය ගිණුමක් හරහා අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, උතුරු කොරියානු නායක කිම් ජොං උන් සමඟ තමන් පවත්වාගෙන යන ඉතා හොඳ සබඳතාව හේතුවෙන් මෙවැනි හමුදා අභ්‍යාසවලට සහභාගී වීම තමන් අනුමත නොකරන බවයි. එමෙන්ම මෙම අභ්‍යාස උතුරු කොරියාවට සතුරු සංඥාවක් ලබාදෙන බවත්, ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඔහු පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ අභ්‍යාස දැනටමත් ආරම්භ කර ඇති අතර, සැලසුම් කළ පරිදිම ඒවා ඉදිරියට ගෙන යන බවයි. උතුරු කොරියාව දිගු කලක සිට මෙම ඒකාබද්ධ අභ්‍යාස තම රට ආක්‍රමණය කිරීමේ පෙරහුරුවක් ලෙස හඳුන්වමින් විරෝධය පළ කර තිබේ.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම අභ්‍යාස සම්පූර්ණයෙන්ම අවලංගු නොකරන තාක් කල් උතුරු කොරියාවෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබීමේ ඉඩකඩ අඩු බවයි. මේ වන විට උතුරු කොරියාව සහ රුසියාව අතර පවතින හමුදා සබඳතා ශක්තිමත් වීමත් සමඟ කලාපීය ආරක්ෂක තත්ත්වය වඩාත් සංකීර්ණ වී ඇත.
දකුණු කොරියාවේ වත්මන් ජනාධිපතිවරයා උතුරු කොරියාව සමඟ සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට උත්සාහ කළද, උතුරු කොරියානු නායකත්වය මෙතෙක් ඊට නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැත. කෙසේ වෙතත්, නවතම හමුදා අභ්‍යාසවලදී ඩ්‍රෝන යුද්ධ සහ සයිබර් ප්‍රහාර වැනි නවීන යුද උපක්‍රම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ඇමරිකානු සහ දකුණු කොරියානු හමුදා සැලසුම් කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර