මෙවර යල කන්නයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මහවැලි ‘සී’ කලාපයෙන් ඉතා ඉහළ කීරි සම්බා වී අස්වැන්නක් වාර්තා වී තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව ක්‍රියාත්මක කළ ‘යාය 500’ වැඩසටහන යටතේ මෙම සාර්ථකත්වය අත්කරගෙන ඇත.
අඩු වියදමකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් දියත් කළ මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශයේ ගොවීන් 250 දෙනෙකු තෝරාගෙන තිබුණි. නවීන කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රමවේද 10ක් ඔස්සේ ගොවීන් දැනුවත් කිරීම සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ මගපෙන්වීම මෙම සාර්ථකත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.
සමීක්ෂණ දත්තවලට අනුව, මෙම ව්‍යාපෘතිය හරහා එක් ගොවියෙකුට හෙක්ටයාරයකින් වී කිලෝග්‍රෑම් 11,350ක පමණ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ඇත. මෙය දේශීය සහල් නිෂ්පාදනය ඉහළ නැංවීමට මෙන්ම ගොවි ජනතාවගේ ආදායම් මට්ටම වර්ධනය කිරීමටත් මහත් පිටුවහලක් වී තිබේ.
ගොවීන් දිරිමත් කිරීම සඳහා මහවැලි අධිකාරිය විසින් එක් ගොවියෙකුට රුපියල් 50,000ක මුදල් දිරි දීමනාවක් ද ලබා දී ඇත. කෘෂිකාර්මික ක්ෂේත්රයේ නව ප්‍රවණතාවක් ලෙස සැලකෙන මෙම වැඩසටහන ඉදිරියටත් සාර්ථකව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර