ඇමරිකානු රූපවාහිනී සහ සිනමා ක්ෂේත්රයේ කැපී පෙනෙන චරිතයක් වූ නිළි හේඩන් පැනෙටියර් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. ඇය මිය යන විට 36 වන වියේ පසු වූවාය. ඇගේ වියෝව සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් විසින් තහවුරු කර ඇති අතර, ඇයගේ හදිසි අභාවය හොලිවුඩ් ක්ෂේත්රයම කම්පනයට පත් කර තිබේ.
ඇය සිය රංගන ජීවිතය තුළ ‘හීරෝස්’ (Heroes) සහ ‘නෑෂ්විල්’ (Nashville) වැනි ජනප්‍රිය රූපවාහිනී කතාමාලා හරහා ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තාය. විශේෂයෙන්ම ‘හීරෝස්’ කතාමාලාවේ ඇය නිරූපණය කළ චරිතය ඇයට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන්නේය.
කුඩා අවධියේ සිටම රංගනයට පිවිසි පැනෙටියර්, ‘අ බග්ස් ලයිෆ්’ (A Bug’s Life) සජීවිකරණ චිත්‍රපටයට හඬ දායකත්වය ලබා දෙමින් සිය දක්ෂතා විදහා දැක්වූවාය. එමෙන්ම ඇය ‘ස්ක්‍රීම්’ (Scream) චිත්‍රපට මාලාව සහ ‘රෙමෙම්බර් ද ටයිටන්ස්’ (Remember the Titans) වැනි නිර්මාණ රැසකට දායක වී ඇත.
ඇයගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. පැනෙටියර්ගේ පවුලේ අය ඇයව හඳුන්වා දී ඇත්තේ තිරය මත මෙන්ම සැබෑ ජීවිතයේදීත් මිලියන ගණනකට ආදරය සහ සතුට බෙදා දුන් සුවිශේෂී චරිතයක් ලෙසිනි. ඇයගේ වියෝව පිළිබඳ පුවතත් සමඟ රසිකයන් සහ සෙසු කලාකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය ශෝකය පළ කරමින් සිටිති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර