වගකීම් සහගත සහ විනිවිද පෙනෙන ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ දොරටු නිරන්තරයෙන් විවෘතව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. කොළඹදී පැවති ආසියා-පැසිෆික් තිරසාර සංවර්ධන ඉලක්ක ආයෝජන සමුළුවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා රජයේ ප්රයත්නයන්ට පමණක් සීමා නොවී රාජ්‍ය, පෞද්ගලික සහ සිවිල් සමාජයේ ඒකාබද්ධ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. ආසියා-පැසිෆික් කලාපය තුළ පවතින දැවැන්ත මූල්‍ය හිඟය පියවා ගැනීම සඳහා ආයෝජන වේගවත් කිරීමේ වැදගත්කම ඇය මෙහිදී අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ස්ථාවර මට්ටමකට පැමිණ ඇති අතර, 2025 වසරේදී 5%ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට හැකිවූ බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. කෙසේ වෙතත්, රජයේ අපේක්ෂාව හුදෙක් ආර්ථික සංඛ්‍යා ලේඛන වර්ධනය කර ගැනීම නොව, රැකියා උත්පාදනය සහ සාධාරණ ආර්ථික ප්රතිලාභ ජනතාව වෙත බෙදා දීම බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
පාරිසරික ආරක්ෂාව, සේවක අයිතිවාසිකම් සුරැකීම සහ වෘත්තීය පුහුණුව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරන වගකීම් සහගත ආයෝජන සඳහා රජය ප්‍රමුඛත්වය ලබා දෙන බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. විශේෂයෙන්ම ආර්ථික ක්‍රියාවලිය තුළ කාන්තාවන් සහ කොන් වූ පාර්ශවයන් සවිබල ගැන්වීම රජයේ ප්‍රධාන අරමුණක් බව ඇය අවධාරණය කළාය.
මෙම අවස්ථාවට එක්වූ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ ප්‍රධාන විධායක නිලධාරිනී සැන්ඩා ඔජියම්බෝ මහත්මිය සඳහන් කළේ, ලෝකයේ පවතින දේශගුණික, බලශක්ති සහ මූල්‍ය අර්බුද හමුවේ පෞද්ගලික අංශයේ ප්රාග්ධනය නිසි ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කමයි. මෙම සමුළුව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර