ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්රය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ අරමුණින්, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මගී ඩ්‍රෝන යානා (eVTOL) සේවාවක් මෙරට හඳුන්වා දීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
චීනයේ EHang සමාගමේ නියෝජිතයින් සහ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, මගීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි ස්වයංක්‍රීය පාලන පද්ධතියකින් සමන්විත මෙම යානා පිළිබඳව කරුණු පැහැදිලි කෙරිණි. සාම්ප්‍රදායික ගුවන් තොටුපළ යටිතල පහසුකම්වලින් තොරව අවම ඉඩකඩකින් ක්‍රියාත්මක විය හැකි වීම මෙහි ඇති ප්‍රධාන වාසියකි.
මෙම ව්‍යාපෘතියේ මූලික අදියරක් ලෙස කොළඹ වරාය නගරය ආශ්‍රිතව ආදර්ශ මෙහෙයුම් කලාපයක් ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. සංචාරක කර්මාන්තයට අමතරව හදිසි ආපදා කළමනාකරණය සහ සමුද්‍රීය කටයුතු සඳහා ද මෙම තාක්ෂණය යොදා ගත හැකි බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම සේවාව වාණිජමය වශයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර ගුවන් ආරක්ෂාව, නියාමන රාමුව, සයිබර් ආරක්ෂාව සහ මගී සුරක්ෂිතතාව ඇතුළු සියලුම තාක්ෂණික අංශයන් පිළිබඳව විධිමත් අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බව බලධාරීන් අවධාරණය කරයි. අනාගත ගුවන් සේවා ප්රවණතා සමඟ එක්වෙමින් රටේ ආර්ථිකයට සහ සංචාරක ක්ෂේත්රයට නව ශක්තියක් එක් කිරීම රජයේ අපේක්ෂාවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර