එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉරානයට එරෙහිව දැඩි වෙළඳ සම්බාධක පැනවීමට තීරණය කර ඇත. ඉරාන හමුදා විසින් එල්ල කරන ලදැයි පැවසෙන බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව එම රටේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, කලාපීය ආරක්ෂාව සහ සාමය අඩපණ කරන ක්‍රියාකාරකම් සැලකිල්ලට ගනිමින්, මීළඟ දැනුම්දීමක් සිදුකරන තුරු ඉරානය සමඟ පවතින සියලුම වාණිජ සහ මූල්‍ය ගනුදෙනු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අංශ වාර්තා කරන පරිදි, ඉරානයෙන් දියත් කළ මිසයිල දෙකක් හඳුනාගෙන ඇති අතර, ඉන් එකක් රටේ භෞමික ජල සීමාවෙන් පිටතට වැටී ඇත. මෙම මිසයිල සමුද්‍රීය ගමනාගමනය ඉලක්ක කර ගනිමින් දියත් කළ ඒවා බවට බලධාරීන් සැක පළ කරයි.
කෙසේ වෙතත්, මෙම චෝදනා ඉරානය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. මෙය ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව දියත් කළ ‘ව්‍යාජ ධජ මෙහෙයුමක්’ (false flag operation) ලෙස ඉරානය පෙන්වා දෙයි.
ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, ඉරානයේ ආර්ථිකය සහ ආනයන කටයුතු සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පවතින වෙළඳ සබඳතා ඉතා තීරණාත්මක බවයි. එම නිසා මෙම සම්බාධක ඉරානයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ඔවුන්ගේ මතයයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර