පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය අගෝස්තු 18 සහ 19 යන දිනවල දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ වැටලීම් වැඩසටහනකදී වැටලීම් 108ක් සිදුකර ඇත. මෙම මෙහෙයුම්වලදී ආනයනික ආලේපන වර්ග සහ පාවහන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබිණි.
වැටලීම්වලදී හඳුනාගත් ව්‍යාපාරික ස්ථාන 84ක භාණ්ඩවල නීත්‍යානුකූලභාවය තහවුරු කරන නිසි බිල්පත් හෝ ඉන්වොයිසි නොමැති බව අනාවරණය විය. සැපයුම්කරුවන් හඳුනාගත නොහැකි අයුරින් අලෙවි කිරීමට තබා තිබූ රුපියල් මිලියන 1.5කට ආසන්න වටිනාකමකින් යුත් ආලේපන සහ පාවහන් තොගයක් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.
අදාළ ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරමින් සිටී. භාණ්ඩ මිලදී ගැනීමේදී ඒවායේ සැපයුම් දාමය තහවුරු කළ හැකි ලේඛන පවත්වාගෙන යාම නීතිය අනුව අනිවාර්ය වේ.
පාරිභෝගික ආරක්ෂාව මෙන්ම නීත්‍යානුකූලව බදු ගෙවමින් ව්‍යාපාර පවත්වාගෙන යන වෙළඳුන් ආරක්ෂා කිරීම මෙම වැටලීම්වල අරමුණයි. විශේෂයෙන්ම ආලේපන වර්ගවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් මතු වුවහොත්, සැපයුම්කරු හඳුනා ගැනීමට මෙම ලේඛන අත්‍යවශ්‍ය සාධකයක් බව අධිකාරිය පෙන්වා දෙයි.
මීට අමතරව, මෙම වසර තුළ පමණක් ක්‍රීම් සහ දියර වර්ග සම්බන්ධ වැටලීම් 785ක් සිදුකර නඩු පවරා ඇති බවද වාර්තා වේ. ඉදිරියේදීත් මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර