මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලෙහෙඩීයන්ගල දියවර ගම්මානයේ පදිංචි පවුල් 500ක පමණ පිරිසක් මේ වන විට දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති.
මීට වසර කිහිපයකට පෙර ස්වේච්ඡා සංවිධානයක් මගින් ලබා දුන් නළ ජල ව්‍යාපෘතියේ ජලය සමග ගල්කුඩු මිශ්‍ර වී පැමිණීම හේතුවෙන් එම ජලය පානය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. මේ නිසා ගම්වාසීන් තම නිවෙස් අසල ළිං කපාගෙන ජලය ලබා ගැනීමට උත්සාහ කළ ද, පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ එම ළිං ද සිඳී ගොස් තිබේ.
පහසුකම් ඇති පිරිස් කිලෝමීටර් හතක් පමණ දුර ගෙවා වෙනත් ගම්මානවලින් ජලය මිලදී ගැනීමට කටයුතු කළ ද, ආර්ථික අපහසුතා ඇති පිරිස් තවදුරටත් ගල්කුඩු මිශ්‍ර ජලය පානය කිරීමට බලකෙරී ඇත.
තමන් මුහුණ දී ඇති මෙම බරපතළ සෞඛ්‍ය ගැටලුවට විසඳුමක් ලෙස තම ජල මූලාශ්‍රය සඳහා නිසි ජල පිරිපහදු ඒකකයක් සවිකර දෙන ලෙස ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර