නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අද (27) උදාවී තිබේ. බෞද්ධ ඉතිහාසය තුළ සුවිශේෂී ආගමික හා ශාසනික සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස මෙම පොහෝ දිනය සැලකේ. විශේෂයෙන්ම පෙර වස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා සඳහා පසුවස් සමාදන් වීමට අවස්ථාව හිමිවන්නේ මෙම පොහෝ දිනයේදීය.
බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද මහ රහතන් වහන්සේ රහත් භාවයට පත්වීම සහ අරියවංශ දේශනාව ආරම්භ වීම වැනි වැදගත් සිදුවීම් රැසක් නිකිණි පොහොය දින හා බැඳී පවතී. එසේම සේරුවිල මංගල චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේද මෙම දිනයේදීය.
අතීතයේ සිටම නිකිණි පොහොය ජන ජීවිතය සමඟ දැඩිව බැඳී පැවතිණි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන අලි උවදුරින් ආරක්ෂා කර ගැනීම සඳහා ගම්වාසීන් දරමිටි රැගෙන විත් ගිනි මැල ගසා ආරක්ෂා කළ බැවින් මෙය ‘දරමිටි පෝය’ ලෙසද ගැමියන් හඳුන්වා ඇත. එසේම ගොවි ජනතාව හේන් වගාවන් සඳහා සූදානම් වීම ආරම්භ කරන්නේද මෙම කාලසීමාවේදීය.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහැර වීථි සංචාරය කිරීමද නිකිණි පොහොය මුල්කර ගනිමින් සිදුවීම විශේෂත්වයකි. අද වැනි උතුම් පොහෝ දිනක වෙහෙර විහාරස්ථාන වෙත පැමිණෙන සැදැහැවතුන් දාන, සීල, භාවනා ආදී ආගමික වතාවත්වල නිරත වෙමින් පින් රැස් කර ගනිති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර