නේපාලයේ පවතින දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කනගාටුව ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා සිය නිල X ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම ඛේදජනක අවස්ථාවේදී නේපාල රජය සහ එරට ජනතාව සමඟ ශ්‍රී ලංකාව සහයෝගයෙන් සිටින බවයි.
එමෙන්ම, නේපාලයේ ක්‍රියාත්මක වන ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මීට මාස කිහිපයකට පෙර ස්වාභාවික ආපදාවකට මුහුණ දුන් රටක් ලෙස, නේපාල ජනතාව විඳින පීඩාව ශ්‍රී ලාංකිකයන්ට හොඳින් අවබෝධ වන බවත්, එම ශෝකය ශ්‍රී ලංකාව බෙදා ගන්නා බවත් ජනාධිපතිවරයා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර