ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ අරමුණින් ‘ආරෝග්‍යා’ නමින් නව සෞඛ්‍ය සංකල්පයක් හඳුන්වා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම වැඩපිළිවෙළ සැප්තැම්බර් මස 01 වැනිදා සිට ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම මධ්‍යස්ථාන සාම්ප්‍රදායික බෙහෙත් ශාලාවලට වඩා වෙනස් වන්නේ, රෝගී වූ පසු ප්‍රතිකාර ලබාදීමට වඩා රෝග ඇතිවීම කල්තියා වළක්වා ගැනීමට (Preventive Care) සහ සමස්ත ශාරීරික සුවතාව ප්‍රවර්ධනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දීම හේතුවෙනි. සෑම මධ්‍යස්ථානයක්ම වෛද්‍යවරයකු, ප්‍රජා හෙද කාර්ය මණ්ඩලයක් සහ සම්බන්ධීකරණ නිලධාරීන්ගෙන් සමන්විත වේ.
ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 80%කට වැඩි ප්‍රමාණයක් දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ හෘද රෝග වැනි බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රාථමික මට්ටමින්ම අවදානම් සාධක හඳුනා ගැනීම වඩාත් ඵලදායී බව විශේෂඥ මතයයි.
මෙම නව වැඩපිළිවෙළ හරහා රෝහල්වල පවතින තදබදය අවම කර ගැනීමටත්, ඖෂධ සඳහා වැයවන දැවැන්ත පිරිවැය පාලනය කර ගැනීමටත් අපේක්ෂා කෙරේ. එමගින් ජනතාවගේ සෞඛ්‍ය සාක්ෂරතාව ඉහළ නංවා, නිරෝගී ආයු කාලයක් ලබාදීම සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගෙනු ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර