එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් සූදානමින් පසුවේ. පසුගිය වසරේ පැවැති තරගාවලියේදී ඉන්දියාව පරාජය කරමින් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, මෙවරත් එම ජයග්‍රහණය අත්කර ගැනීමේ දැඩි විශ්වාසයකින් යුතුව තරග බිමට පිවිසෙයි.
කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සඳහන් කළේ, ශූරයන් ලෙස තරගාවලියට එක්වන විට ප්‍රතිවාදීන්ගෙන් මෙන්ම ක්‍රීඩා ලෝලීන්ගෙන්ද වැඩි අවධානයක් යොමුවන බවයි. එම නිසා සෑම තරගයක්ම ඉතා වැදගත් බව ඇය අවධාරණය කළාය. විශේෂයෙන්ම තරගාවලියේ පළමු තරගය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන තරගය කෙරෙහි කණ්ඩායම විශේෂ අවධානයක් යොමු කර ඇත.
පසුගිය කාලසීමාවේදී පාකිස්තානයට එරෙහිව දැක්වූ දක්ෂතා සහ ක්‍රීඩිකාවන්ගේ ඉහළ මානසික මට්ටම කණ්ඩායමට විශාල ශක්තියක් වී තිබේ. කෙසේ වෙතත්, ආසියානු කුසලානයට පෙර එක්දින තරගාවලියකට සහභාගි වීම විස්සයි20 තරගාවලියක් සඳහා පූර්ණ සූදානමක් නොවන බව පෙන්වා දුන් නායිකාව, ඩුබායිහිදී පැවැත්වෙන පුහුණු තරග හරහා එම අඩුපාඩු මගහරවා ගැනීමට බලාපොරොත්තු වන බව පැවසුවාය.
මෙවර සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් මෙන්ම දක්ෂ නවක ක්‍රීඩිකාවන්ද ඇතුළත් වේ. ආබාධයකට ලක්වූ දේව්මි විහංගා වෙනුවට නිමාෂා මීපගේ සංචිතයට කැඳවා ඇති අතර, ප්‍රධාන පුහුණුකරු ජේමි සිඩන්ස්ගේ මගපෙන්වීම යටතේ කණ්ඩායම මේ වන විටත් සාර්ථක ප්‍රගතියක් පෙන්නුම් කරමින් සිටී.
ශ්‍රී ලංකාව සහභාගි වන තරග කාලසටහනට අනුව අගෝස්තු 29 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවත්, සැප්තැම්බර් 2 දින ඉන්දුනීසියාවට එරෙහිවත්, සැප්තැම්බර් 6 දින බංග්ලාදේශයට එරෙහිවත් තරග පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් 10 වැනිදා තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර