නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ මඩ ප්රවාහයන් හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු විශාල සංඛ්‍යාවක් සොයාගෙන ඇති අතර, ඉන් හඳුනා නොගත් සහ ඥාතීන් විසින් භාර නොගත් මළ සිරුරු භූමදානය කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත. මේ වන විට මළ සිරුරු 675කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇති අතර, රෝහල්වල ඉඩකඩ සීමිත වීම සහ සිරුරු දිරාපත් වීම හේතුවෙන් සෞඛ්‍ය අවදානමක් මතුව තිබේ.
මෙම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා, සෑම මළ සිරුරකින්ම DNA සාම්පල ලබාගෙන ඒවාට අනන්‍ය හඳුනාගැනීමේ අංකයක් ලබාදීමට කටයුතු යොදා ඇත. භූමදානය කරන සෑම සිරුරක් පිළිබඳවම එම අංකය, සොයාගත් ස්ථානය සහ භූමදාන කළ ස්ථානය ඇතුළු සියලු තොරතුරු නිල වශයෙන් වාර්තා කර තබනු ලැබේ.
පසුව ඥාතීන්ට තම DNA සාම්පල ලබා දී මියගිය අය හඳුනා ගැනීමට අවස්ථාව සලසා දී ඇති අතර, එම ප්‍රතිඵල සැසඳීමෙන් පසු නිශ්චිත සිරුරු ගොඩගෙන ඥාතීන් වෙත භාරදීමට නියමිතය. මීටර් 1.5ක ගැඹුරකින් සහ සිරුරු අතර සෙන්ටිමීටර් 40ක පරතරයකින් යුතුව මෙම භූමදාන සිදු කෙරෙන අතර, එම ස්ථාන භූගෝලීය වශයෙන් (Geo-tag) සලකුණු කර තැබීමට ද සැලසුම් කර ඇත.
නේපාලයේ තවමත් පුද්ගලයන් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ. අතුරුදන් වූවන්ගේ ඥාතීන් සඳහා රෝහල් හරහා DNA සාම්පල ලබාදීමේ පහසුකම් පුළුල් කර ඇති අතර, හඳුනා නොගත් සිරුරු පිළිබඳ තොරතුරු පොලිස් වෙබ් අඩවිය හරහා ද ප්‍රසිද්ධ කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර