කිරිපිටි, දියර කිරි සහ යෝගට් ඇතුළු කිරි ආශ්රිත නිෂ්පාදන කිහිපයක මිල ගණන් ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
විශේෂයෙන්ම ‘BREAKING NEWS’ ලෙස හුවා දක්වමින් මෙම අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පැතිර යන බව එම අධිකාරිය පෙන්වා දෙයි. මෙවැනි තහවුරු නොකළ පුවත් කිසිදු පදනමක් නොමැති ඒවා බව බලධාරීන් අවධාරණය කරයි.
මෙවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් පාරිභෝගිකයින් අතර අනවශ්‍ය කලබලයක් ඇති විය හැකි බවත්, වෙළඳපොළ තුළ වැරදි මතවාද ගොඩනැගිය හැකි බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනතුරු අඟවයි. එබැවින්, තහවුරු නොකළ මෙවැනි පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
වෙළඳපොළ තුළ සිදුවන සැකකටයුතු මිල වෙනස්වීම් හෝ අසාධාරණ වෙළඳ කටයුතු පිළිබඳ තොරතුරු පවතී නම්, ඒ සම්බන්ධයෙන් වහාම දැනුම් දෙන ලෙස අධිකාරිය ඉල්ලා සිටියි. ඒ සඳහා පාරිභෝගිකයින්ට 1977 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සම්බන්ධ කරගත හැකිය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර