අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම නැවත සමාලෝචනය කර, නව යෝජනා ද ඇතුළත් කරමින් ව්‍යාපෘතියේ කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ සවිස්තරාත්මක සැලැස්ම ලබන මස 15 වන දිනට පෙර සකස් කර අවසන් කරන ලෙස ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත. බැතිමතුන්ගේ පහසුව උදෙසා පූජා නගරය තුළ හරිත ප්‍රවාහන පද්ධතියක් හඳුන්වා දීමට ද මෙහිදී තීරණය කෙරිණි.
පූජා නගරය තුළ වාහන තදබදය අවම කිරීම සඳහා ඩීසල් වාහන සීමා කර, ඒ වෙනුවට විද්‍යුත් බස් රථ යොදා ගනිමින් ක්‍රමවත් ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත. මීට අමතරව, පාපැදි භාවිතය සහ පදික ගමන් මාර්ග දියුණු කිරීමටත්, බැතිමතුන් සඳහා විවේක ස්ථාන ඉදිකිරීමටත් යෝජනා වී තිබේ.
ඉන්දීය රජයේ දායකත්වය සහිතව රුපියල් බිලියන 6.5ක වියදමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය හරහා පූජා භූමියේ සීමාව වර්ග කිලෝමීටර 28 සිට 38 දක්වා පුළුල් කිරීමට නියමිතය. පුරාවිද්‍යාත්මක ස්ථාන සජීවී වන්දනාමාන කරන ස්ථාන ලෙස සලකා සංවර්ධන කටයුතු සිදු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම, ඇතුල් නුවර පදිංචි පවුල් 331ක් ලෝලුගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම සහ ඔවුන්ට සාධාරණ වන්දි හෝ විකල්ප ඉඩම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර