Browsing: කළුතර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්‍රදේශයේදී බස් රථ සහ මෝටර් රථ කිහිපයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකිය.

කළුතර දකුණ පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පවුල් ලක්ෂ පහකගේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා ක්‍රියාත්මක කළුගඟ ජල ව්‍යාපෘතිය නියමිත කාලයට නිම කිරීමට පියවර ගෙන තිබේ.

කොළඹ ප්‍රදේශයේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මගින් විකුණා රුපියල් කෝටියක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයිනේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් ඉලක්ක කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන සතියක් අද (14) සිට ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව තුළ කිසිදු ආකාරයක සමාන්තර හෝ කළු රාජ්‍යයන් ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.