Browsing: ශ්‍රී ලංකාව

දරුවන්ට පවතින උණ රෝගය නොසලකා හැරීමෙන් ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්විය හැකි බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

මැලේසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ හරහා නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන ඒමට උත්සාහ කළ චීන ජාතිකයෙකු රේගු අත්අඩංගුවට පත්ව තිබේ.

බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කර පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සාරංග දිසාසේකරගේ නිෂ්පාදනයක් වන “ආදරණීය තරුවක්” සිනමාපටය අගෝස්තු 06 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වලදී නැරඹිය හැකිය.

පසුගිය වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ රැඳවියන් 1021 දෙනෙකු මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තාවකින් අනාවරණය වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් තවත් වසර හතරක කාලයක් සඳහා එම ධුරයේ කටයුතු කිරීමට තේරී පත්වී තිබේ.

වෙනිසියුලාවේ සිදු වූ ප්‍රබල භූමිකම්පා මාලාවෙන් මාසයක් ගතවී ඇතත්, තවමත් දහස් ගණනක් අතුරුදහන්ව සිටින බව වාර්තා වේ.

විදෙස්ගතව සේවය කර නැවත පැමිණෙන ශ්‍රමිකයන්ගේ අනාගත ආයෝජන කටයුතු වෙනුවෙන් ඌණ උපයෝජිත ඉඩම් ලබාදීමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කරයි.

පාකිස්තානයේ ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ පිහිටි ආරක්ෂක මුරපොළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 15 දෙනෙකු මියගොස් තිබේ.

2026 ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකුගෙන් සමන්විතව නම් කර තිබේ.