ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ ව්‍යසනකාරි තත්ත්වය පිළිබඳව පාකිස්තානු අගමැති ශෙබාස් ශරීෆ් මහතා සිය කනගාටුව පළ කර තිබේ.
ඊයේ (02) රාත්‍රියේදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
එමෙන්ම, ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේදී පාකිස්තානු රජයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවද අගමැති ශෙබාස් ශරීෆ් මහතා ජනාධිපතිවරයා වෙත සහතික වී තිබේ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ දරුණු ගංවතුර සහ නායයාම් නිසා මෙරට ජනතාවට මුහුණදීමට සිදු වූ දැඩි ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව පසුගිය දින කිහිපයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු විදේශ රටවල රාජ්‍ය නායකයෝ රැසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය කනගාටුව පළ කළ අතර, යළි ගොඩනැගීමේ කටයුතුවලදී සිය අඛණ්ඩ සහාය මෙරටට ලබා දෙන බවටද සහතික වී තිබුණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version