බිම්ස්ටෙක් (BIMSTEC) කලාපීය රටවල සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රථම සමුද්‍රීය ආරක්ෂක අභ්‍යාසයට එක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ අද (25) කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.

මෙම ඒකාබද්ධ අභ්‍යාසය සඳහා ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකායන් එක්වීමට නියමිතය. මෙම අභ්‍යාසය ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 3 දක්වා පැවැත්වේ.

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම, මෙහෙයුම් සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම අභ්‍යාසයේ මූලික අරමුණයි.

නෞකාව පිටත්ව යන අවස්ථාවේදී මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන, බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ විජයවර්ධන සහ නාවික මෙහෙයුම් අධ්‍යක්ෂ කොමදෝරු අතුල ජයවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එම අවස්ථාවේදී ‘ගජබාහු’ නෞකාවේ අණදෙන නිලධාරී කැප්ටන් අශෝක වීරසේකර මහතා විසින් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version