අම්බලන්ගොඩ පොලිස් වසමේ ඔලගම ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින මහල් 18 කින් යුත් ගොඩනැගිල්ලක 15 වන මහලේ නාඳුනන පිරිමි පුද්ගල මළසිරුරක් ඇති බවට අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති අතර ඊයේ (02) දහවල් කාලයේදී මේ පිළිබඳව අනාවරණය වී ඇත. 

මෘතශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version