මෙක්සිකෝවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශයන්ට එරට වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ.

එරට ජාතික භූ කම්පන විද්‍යා ඒජන්සියට පවසා සිටියේ, ඒ හේතුවෙන් පසු කම්පන 500කට වඩා ඇතිවූ බවය.

භූමිකම්පාවේ කේන්ද්‍රය ගුවෙරෙරෝ හි සැන් මාකෝස් නගරය අසල පැසිෆික් වෙරළබඩ නිකේතනයක් වන ඇකපුල්කෝ අසල පිහිටා තිබේ.

ඒ හේතුවෙන් ඇකපුල්කෝ අවට සහ ප්‍රාන්තයේ අනෙකුත් මහාමාර්ගවල නායයෑම් කිහිපයක් වාර්තා වූ බව ප්‍රාන්ත සිවිල් ආරක්ෂක ඒජන්සිය වාර්තා කරයි.

භූ කම්පනයේ අපිකේන්ද්‍රය අසල කුඩා ගම්මානයක ජීවත් වූ 50 හැවිරිදි කාන්තාවක් ඇගේ නිවස කඩා වැටීමෙන් මිගොස් ඇති බව ගුවෙරේරෝ ආණ්ඩුකාරවරයා තහවුරු කර ඇත.

එමෙන්ම ගුවෙරේරෝ අගනුවර වන චිල්පන්සිංගෝ හි රෝහලකට විශාලහානි සිදුවී ඇති අතර, ඒ හේතුවෙන් එහි රෝගීන් ඉවත්කර ගැනීමට සිදුව තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version