2026 වසරට අදාලව රේගු දෙපාර්තමේන්තුව වෙත රුපියල් බිලියන 2,206ක ආදායම් ඉලක්කයක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙය 2025 වසරේ උපයාගත් සැබෑ ආදායමට වඩා අඩු අගයක් වීම විශේෂත්වයක් වන අතර, වාහන ආනයනය අඩුවීම මීට ප්‍රධාන හේතුවක්.

වෙළඳපොළ තුළ වාහන පිරී පවතින බැවින් 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී වාහන ආනයනය අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ යනු ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පවසන්නේ.

2025 දෙසැම්බර් 30 වන විට රේගුව රුපියල් බිලියන 2,540.3ක සම්පූර්ණ ආදායමක් එකතු කර ඇති අතර, එය මීට පෙර පැවති රුපියල් බිලියන 1,500ක පැවති ඉහළම ආදායම් වාර්තාව බිඳ හෙලීමක්.

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් දෙසැම්බර් මුල් සතියේ ආනයන කටයුතු මන්දගාමී වුවද, සහන සේවා සහ ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම නිසා මාසය අවසානයේ ආදායම ඉහළ ගොස් තිබුණා.

ඒ අනුව දෙසැම්බර් 30 වැනිදා පමණක් රුපියල් බිලියන 20ක ආදායමක් රේගුව උපයා තිබෙන බවයි සඳහන්.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version