2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම ආදිය තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයයන් 2026 ජනවාරි මස 12 දින සිට 20 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2,362 ක දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version