ඇමරිකානු නාවික හමුදාවට අයත් USS කැන්බරා (LCS-30) නෞකාව අද (26) උදෑසන කොළඹ වරායට පැමිණියේය. නෞකාවේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙම ගමන සිදුකර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව මෙම නෞකාව පිළිගනු ලැබීය. මීටර් 127.6ක දිගකින් යුත් මෙම Littoral Combat Ship (LCS) වර්ගයේ නෞකාව මෙහෙයවනු ලබන්නේ කමාන්ඩර් සී. ටෝල්ස් මහතා විසිනි.

2023 ජූලි 22 වන දින සේවයට එක් වූ මෙම නෞකාව, ඇමරිකානු නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනේ. මෙම වසරේ ජූනි මස 12 වන දිනද මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version