වෙනිසියුලා රාජ්‍යය තුළ මෑතකදී උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බවත්, එම සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රී ලංකා රජය පවසනවා.

වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබෙනවා.

බලය යෙදවීම තහනම් කිරීම, මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වැනි ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාව ද එමඟින් අවධාරණය කර තිබෙනවා.

වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහ කලාපයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර, තත්ත්වය උත්සන්න වීම අවම කිරීම සහ සංවාදය තුළින් සාමකාමී විසඳුමකට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version