ඇමරිකාවට ආරක්ෂිතව සිටීමට අවශ්‍ය නම් වහාම ඉරාන කලාපයෙන් ඉවත්ව යා යුතු බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි අනතුරු අඟවා තිබේ. එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේ, අද අලුයම ඇමරිකාව විසින් ඉරානය ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර දක්වමිනි.
පර්සියානු ගල්ෆ් කලාපයට බලහත්කාරයෙන් ඇතුළු වූ විදේශීය පාර්ශවයන්ට අතීතයේදී අත් වූ බිහිසුණු ඉරණම් සිහිපත් කළ අමාත්‍යවරයා, ඉරානයේ සන්නද්ධ බලකායන් ඕනෑම සතුරු ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව අවධාරණය කළේය. යුධ පිටියේ පරාජයන් ලැබුවද ඇමරිකාව තවදුරටත් ඉරානයේ අධිෂ්ඨානය පරීක්ෂා කිරීමට උත්සාහ දරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර, ඔමාන් වෙරළ ආසන්නයේදී ඇමරිකානු හෙලිකොප්ටරයක් බිඳ වැටීමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර දියත් කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය නිවේදනය කර ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය අවට පිහිටි ගුවන් ආරක්ෂක සහ රේඩාර් පද්ධති ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අදාළ හෙලිකොප්ටරයට එල්ල වූ ප්‍රහාරයේ වගකීම ඉරානය භාර නොගන්නා බව එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙවැනි සිදුවීම් නොදැනුවත්ව සිදුවිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර