දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ජුනි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (10) නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව දකුණු පළාතේ ස්වේච්ඡා සංවිධාන වෙත පුටු බෙදාදීමේ වැඩසටහනක් හරහා රජයේ මුදල් මිලියන 16.5ක් අවභාවිතා කළ බවට මොහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
