ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය තහවුරු කරගත් ජනප්‍රිය නළු ජෝෂප් විජේ මහතා, අද (10) චෙන්නායිහි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී පැවැති උත්කර්ෂවත් උත්සවයකදී තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.
ප්‍රාන්ත මැතිවරණයේදී විජේ මහතාගේ පක්ෂය ජයග්‍රහණය කළද, ආණ්ඩු බලය පිහිටුවීමට අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව තනිවම ලබා ගැනීමට ඔහුට නොහැකි විය. කෙසේ වෙතත්, ඉන්දීය ජාතික කොංග්‍රසය, විඩුතලෙයි චිරුතයිගල් පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂ කිහිපයක සහාය ලබා ගැනීමෙන් පසු ඔහුට අවශ්‍ය බහුතර බලය හිමි විය.
පසුව, මන්ත්‍රීවරුන් 234 දෙනෙකුගෙන් සමන්විත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් 120 දෙනෙකුගේ සහාය තහවුරු වීමත් සමඟ, තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලෙකාර් මහතා විසින් විජේ මහතාව මහ ඇමතිවරයා ලෙස නිල වශයෙන් පත් කරනු ලැබීය.
